මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ යෑමක් තමන් ද බලාපොරොත්තු නොවූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයාගේ ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්නේ මෙම ඉන්ධන මිල ඉහළ දැමීමේ තීන්දුව සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදුකළ යුතුය යන්න බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
"අපි මේ වෙලාවෙ බලාපොරොත්තු වුණේ නෑ ඉන්ධන මිල ඉහළ යෑමක්. හැබැයි අපි දන්නවා අනිත් පැත්තෙන් ආර්ථිකමය වශයෙන් පවත්වාගෙන යන්න තියෙන ගැටළු. ඉතිං ඒ ගැටළු වෙනුවෙන් රජයක් තීන්දුවක් අරන් තියෙනවා. ඒක සම්බන්ධයෙන් අදහස් මහලේකම්තුමා ප්‍රකාශ කරලා තියෙනවා. මේකෙ බලාපොරොත්තුව වෙන්නෙ ඒ ගත්ත තීන්දුව නැවත සමාලෝචනයක් කරන්න පුළුවන්ද කියන කාරණාව තුළ අපි ගමන් කිරීම.
ඉතිං ඒ හින්දා විෂය බාර ඇමතිවරයා ගත්ත තීන්දුවකට ඒ තීන්දුව නැවත වෙනස් කිරීමක් කරන්න පුළුවන්ද කියලා සාකච්ඡාවක් කළයුත්තේ විෂය බාර ඇමතිවරයා තුළමයි. ඉතිං ඒ අදාළ විෂය බාර ඇමතිතුමා ඒක ඉදිරියේදී තීන්දුව වෙනස් කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව පිළිබඳ නැවත සමාලෝචනයක් අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමග සිදුකරලා රටට යහපත් තීන්දුවක් ලබාදීමට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)