Sunday, November 09, 2025
Follow Us
ආණ්ඩුවේ ත්‍රීවිල් පක්ෂ යළි රැස් වෙයි ! ගම්මන්පිල ගැන සාකච්ඡා !

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන කුඩා පක්ෂ එකතුව යළිත් රැස් වී ඇති බව වාර්තා වේ. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිළ නිවසේදී මෙම රැස්වීම පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්වීමට සිදුකර ඇති බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි. උදය ගම්මන්පිල මහතාට සහාය දැක්වීමටත් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට පක්ෂ සියල්ලම තීන්දු කළ බවත් අමාත්‍යවරයා පවසා තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පොදුජන පෙරමුණේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉන්ධන මිල පාලනය කිරීමට විෂයභාර අමාත්‍යවරයා අසමත් වී ඇති බවයි. මේ නිසා ඔහු ඇමති තනතුරින් ඉල්ලා අස්විය යුතු බව ඔහු අවධාරණය කළේය.

(LNW)