Saturday, May 04, 2024
Follow Us
ආසාදිත බව හඳුනාගත් සුදත්ත හිමි’ අවමඟුලකට ගිහින්

කොවිඩ් ආසාදිත බව හඳුනාගත් සුදත්ත හිමියෝ ‘ පසුගියදා රාවණා බලය කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ අවමඟුලටද සහභාගි වී ඇතැයි අනාවරණය වේ.

සිහළ රාවය සංවිධානයේ මහලේකම් මාගල් කන්දේ සුදත්ත හිමිට කොවිඩ් ආසාදනය වී තිබුණ අතර සුදත්ත හිමිගේ රියදුරුට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනාගැනීමෙන් අනතුරුව කළ පී .සී .ආර් පරීක්ෂණයක දී උන්වහන්සේද අසාදිත බවට තහවුරු විය .

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන් ජුනි 05 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ අවසන් කටයුතු පෙරේදා (09 වැනිදා) ඉත්තෑකන්ද ප්‍රදේශයේ දී සිදු කෙරිණි.

මෙම අවමංගල්‍ය අවස්ථාවට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන දේශපාලඥයෝ ඇතුළු ප්‍රභූහු රැසක්ද සහභාගි වී සිටියහ.

(Aruna)