Friday, May 03, 2024
Follow Us
අග්‍රාමාත්‍ය ධුරය සඳහා නාමල්ට සුදුසුකම් තියෙනවා. ඒක නැහැයි කියන්න කාටවත් බෑ - සුසිල්

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවත් අග්‍රාමාත්‍ය තනතුර ලැබීමට ඔහුගේ දෛවයෙහි ඇත්නම් එය කිසිවෙකුට නැවැත්විය නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

"මට ඉතිං මතයක් කියන්න දෙයක් නෑ. ඒ එක එක්කෙනාගෙ දෛවය අනුව ඒක තීන්දු වෙන්නේ. එතුමාගේ දෛවයේ තියෙනවා නම් ඒක වෙන්න, ඒක වෙයි. ඒක නවත්තන්න බෑ.

අපෙ රටේ අනපේක්ෂිතව නායකයො බිහිවෙනවා, අනපේක්ෂිතව නායකයො දේශපාලනයෙන් පවා බැහැර වෙනවා. ඒවා ඉතිහාසය තුළ අපි අත්දැකලා තියෙන දේවල්. කලින් පුරෝකථනය කරන්න අවශ්‍ය නෑ ඒ සම්බන්ධයෙන්.

එතුමා දැන් දෙවැනි වතාවටත් නෙ වැඩිම මනාප අරගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ම තේරී පත්වුනේ. එතකොට එතුමා නීතීඥයෙක් හැටියට දිවුරුම් දීලා තියෙනවා. අවශ්‍ය මූලික අධ්‍යාපනයක් ලබලා තියෙනවා. පවුල් පසුබිමක් තියෙනවා. කොයි වකවානුවෙ වෙනවද කියන එකයි ප්‍රශ්නෙ තියෙන්නෙ. නමුත් ඒ අවශ්‍ය සුදුසුකම් නැහැයි කියලා කාටවත් කියන්න බෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මේ බව පැවසුවේ පෙරේදා (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)