Friday, May 03, 2024
Follow Us
පෙට්‍රෝලියම් එකට දැන් තෙල් ගේන්නවත් සල්ලි නැහැ - ආයෝජන මුවාවෙන් පනත සංශෝධනය කරලා සපුගස්කන්දත් විකුණන්න හදන්නේ

ඛණිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කර එහි බලතල ඇමතිවරයා යටතට ගැනීමට කටයුතු යොදමින් තිබෙන්නේ මෙරට තෙල් ඒකාධිකාරය විදෙස් රටවලට හා සමාගම් වෙතට පැවරීමේ සැලැස්මට අනුව බව ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (09) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

දේශප්‍රේමී සළු පොරවාගෙන ආයෝජනවලට මුවාවෙමින් රටේ සම්පත් විකුණා දැමීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවයි මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ.

මෙම පනත සංශෝධනය කිරීම හරහා සිදුවන්නේ මෙතෙක් කල් පැවති තෙල් ආනයනය, අපනයනය, ගබඩා කිරීම, පිරිපහදු කිරීම, බෙදාහැරීම සහ අලෙවිය යන සියලූ කාර්යයන් වෙනත් ඕනෑම කෙනෙකුට පැවරීමේ බලය ලබාගැනීම බවද හෙතෙම සඳහන් කරන ලදී.

''ඩොලර් මිලියන 3,000ක ආයෝජනයක් අරගෙන අලූත් ව්‍යවසායකයෙක් එන බව ඇමතිවරයා කියනවා. ඒ නිසා මේ පනත සංශෝධනය කර අලූත් පිරිපහදුවකට අවස්ථාව දිය යුතු බවට පට්ට පල් බොරු කියනවා. අපේ රටේ ජාතික සම්පතක් වෙච්ච තෙල් පිරිපහදුව කොම්පැණිවලට පැවරීමේ බලය ඇමතිවරයා අතට ගන්නවා.

අයි. ඕ.සී. සමාගමට තිබෙන කාලය 2023 දෙසැම්බර් 31 වෙනකොට අවසන් වෙනවා. නැවත ඒ බලය අයි. ඕ.සී. එකට දෙන්න පවතින පනත අනුව බැහැ. ඒ නිසා ඇමතිවරයාට බලය පවරාගෙන පිරිපහදුවේ කතාවක් දාලා අයි. ඕ.සී. එකට දීපු ලයිසන් එක නැවත දීර්ඝ කරන්න මේ හදන්නේ. පළවැනි උවමනාව ඒක. අයි. ඕ.සී. ගිවිසුම අවසන්වී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නැවත පූර්ණ ඒකාධිකාරිත්වය එනවා. ඒක වළක්වන එකයි පළවැනි උවමනාව. ඊළඟට ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලාබා දෙන එක තහවුරු කිරීමයි. ලෝක දේශපාලනයේ බල අරගලය නිසා ඇමරිකාවට, චීනයට, ඉන්දියාවට අපේ රට මැදිවී තිබෙනවා. ති‍්‍රකුණාමලය තෙල් ටැංකි ටික අයි. ඕ.සී. එකට පවරලා හම්බන්තොට වරාය සමාගමට අයිති සිනෝපෙක් ආයතනය තෙල් ආනයනය කරලා නැව්වලට ලබාදෙනවා. සිනෝපෙක් කොම්පැනියෙන් ගෙන්වන නැව් තෙල් අයි. ඕ.සී. කොම්පැණියෙන් ගන්නවා. ආණ්ඩුව මේ කරන්න හදන්නේ හම්බන්තොට වරායෙන් නැව් තෙල් ගේන සිනෝපෙක් ආයතනයට ඒ පරිශ‍්‍රයේ ඊළඟ තෙල් පිරිපහදුව හදන්න අවසර දීමයි.''

එමෙන්ම පසුගිය කාලය තුළ කළ සියලුම පාර්ශව විසින් ඛනිජ තෙල් සංස්ථාවට පාඩු සිදුකර තිබෙන බවත් ඒ අනුව මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුව, මහජන බැංකුව, කියන ප‍්‍රධාන බැංකු දෙකට ඩොලර් මිලියන 3300ක ණයක් ගෙවීමට තිබෙන බව විජිත හේරත් මහතා පැහැදිලි කළේය.

''හිටපු පාලකයෝ තෙල් සංස්ථාව පාඩු කරලා දැන් වෙනකොට කෝටි 66,000ක ණයකරුවෙක් කරලා. එදා නැව් 03ක් තිබුණු තෙල් සංස්ථාවේ අද තත්වය ඒක. පනත සංශෝධනය කරලා තෙල් ආනයනය, පිරිපහදුව සහ බෙදාහැරීම එක පැත්තකින් අයි. ඕ.සී. සමාගමටත් අනෙක් පැත්තෙන් චීන සමාගමටත් ලබාදෙනවා. ඊට අමතරව වෙනත් ඕනෑම බහුජාතික සමාගම්වලටත් අවසර දෙන්න හැකියාව ලබාගන්නවා. මෙතෙක් රාජ්‍යය සතුව තිබුණු තෙල් ඒකාධිකාරයේ සියලූ බලතල පුද්ගලික අංශයට දෙනවා. මේ නිසා තෙල් සංස්ථාව මුළුමනින්ම විනාශවී යනවා.'' යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(Daily Mirror)