මේ වන විට රටට ආපදා පැමිණ තිබුණත් රජය ඒ පිලිබඳ නිසි ක්‍රමවේදයකින් කටයුතු නොකිරීමෙන් මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂය ලෙසට ඒ පිලිබඳව කණගාටුව ප්‍රකාශ කර සිටින බව සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.
2003 සහ 2017 වර්ෂවලදී එක්සත් ජාතික පක්ෂ රජය සමයන්හි විශාල ගංවතුර සහ නියගයන්ට මුහුණ දුන් බව පැවසූ එක්සත් ජාතික පක්ෂ රජය ඊට ක්‍රමවත් මුහුණ දුන් බවයි හිටපු අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය සාකච්ජාවකදී සඳහන් කර සිටියේ.
මේ වන විට ශ්‍රී ලංකාව ආපදා තත්ත්වයන් 03 කට මුහුණ දී ඇති බව පැවසූ එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා වසරකට අධික කාලයක් පුරා රට මුහුණ දී සිටින කොවිඩ් තත්ත්වය ඉන් පළමු තැන ගන්නා බව කියා සිටියා.
දෙවනුව කොළඹ වරාය ආසාන්නයේ දී නෞකාවක් ගිනිගෙන මුහුදු බත්වීම බවත්, තෙවන සිදුවීම අයහපත් කාලගුණය සමග ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය බව කියා සිටියා.
නෞකාවෙන් සිදුවූ බලපෑම නිසා පුත්තලමේ සිට මාතර දක්වා දිවෙන මුහුදු කලාපයේ ධිවර ජනතාවට බලපෑම් එල්ලවී ඇති බවයි හිටපු අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.
රටේ තෙවන කොවිඩ් රැල්ල නිසි ලෙස පාලනය කර ගැනීමට රජය කටයුතු නොකළ බව පැවසූ එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටි පළපුරුදු නිලධාරින් මාරු කර යැවීමට කටයුතු කළ බවද සඳහන් කර සිටියා.
සංචරණ සීමා පනවා තිබුනත් මේ වන විට දෛනිකව වාහන 50,000 කට වඩා වැඩි පිරිසක් කොළඹට ඇතුල්වෙනවා. නමුත් විශේෂඥයින් සඳහන් කරන්නේ සංචරණ සීමා පනවා ප්‍රයෝජනයක් නොමැති බවත් දින 14 ක කාලයක් සඳහා රට ලොක්ඩවුන් කළ යුතු බවයි. නමුත් එය එසේ සිදුනොකළ නිසා තත්ත්වය සම්පුර්ණයෙන් අවුල් සහගත වී තිබෙනවා.
කොවිඩ් වසංගතය වෙනුවෙන් ඉදිරි පෙළ කටයුතු කරනු ලබන රජයේ සේවකයින්ට මසකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දිය යුතුයි. ඒ වගේම මියයන පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක වන්දියක් ලබාදිය යුතුයි.
කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළකර සිටි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ මැලේරියා මර්ධනයේදී නිවසටම ගොස් රුධිර පරික්ෂා කිරීම් සිදුකළා සේම කොවිඩ් එන්න්තද නිවසටම ගොස් ලබාදීමේ හැකියාවක් තිබු බවයි. එවැනි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළා නම් ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශිවීමක් ද සිදුනොවන බවත් වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩකඩ ද අවම වන බවයි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කර සිටියේ.
(Neth)