Sunday, February 15, 2026
Follow Us
හෙට පාර්ලිමේන්තුව රැස් වෙනවාද නැද්ද ? - පක්ෂ නායක රැස්වීම අද

හෙට දිනයේදී පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබේ. කෙසේ නමුත් පවත්නා කොරෝනා අවදානම සහ සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම අවිනිශ්චිත වී තිබෙනවා.

හෙට පාර්ලිමේන්තු රැස්වීම පවත්වන්නේද යන්න තීරණය කිරීම සඳහා අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතව තිබිණි.

(LNW)