ප්‍රමුඛ රාජ්‍ය ආයතන 5ක් නාමල් යටතට
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු රජයේ තවත් ප්‍රමුඛ ආයතන 5ක් ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත් කළ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා යටතට පත් කර ඇත.
තරුණ හා ක්‍රීඩා කැබිනට් ඇමැති නාමල් රාජපක්ෂ පසුගිය 03 වැනිදා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දෙනු ලැබූ අතර එම රාජ්‍ය ඇමැති ධුරයට මෙම ආයතන ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,
කාර්මික තාක්ෂණ ආයතනය,
ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්,
ජාතික විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාව,
ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් එෆ් බයෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන
ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත් වනු ඇත.
ඩිජිටල් තාක්ෂණ ව්‍යාපාර පුළුල් කිරීම මගින් විදේශ ආදායම් ඉපදවීම් සහ ඉහළ ආදායම් සහිත රැකියා සඳහා තරුණ තරුණියන්ට යොමුවීමට ඇති ඉඩ ප්‍රස්තාව පුළුල් කිරීම මෙම අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතා අතර වේ.
(Aruna)