Monday, November 10, 2025
Follow Us
පාර්ලිමේන්තුවේ කටයුතු 07 දා තෙක් නවතී

පාර්ලිමේන්තු සංකීර්ණයේ සියලු කාර්යාල ලබන 07 වන දා තෙක් වසා දමා ඇතැයි එහි නිලධාරීහු සඳහන් කරයි.

පවත්නා කොරෝනා තත්වය මත රටපුරා සංචරණ සීමා ලබන 7 වැනිදා දක්වා ක්‍රියාත්මක වන හෙයින් එතෙක් සේවයට පැමිණීම අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එහි සේවකයන්ට දැනුම් දී ඇත.

එබැවින් පාර්ලිමේන්තු සංකීර්ණයේ මේ දිනවල සේවයේ යෙදී සිටින්නේ එහි ආරක්ෂාව භාර පොලිස් හා හමුදා නිලධාරීන් පමණි.

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ කොවිඩ් ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීම නිසා එම කාර්යාලවල සේවක සේවිකාවෝ පිරිසක් පසුගිය දිනවල නිරෝධායනයට යොමු කිරිම සිදුවිය.

පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා නැවත රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන 7වැනිදා පැවැත්වෙන බව එහි නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය සඳහන් කරයි.

(Aruna)