Monday, November 10, 2025
Follow Us
එන්නත් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් රැස්කිරීමට TNA ආණ්ඩුවෙන් අවසර ඉල්ලයි

කොවිඩ් 19 තුන්වන රැල්ල ආරම්භවීමෙන් පසු භයානක තත්ත්වයක් ඇතිව තිබෙන අතර එන්නත්කරණ වැඩපිළිවෙල නිසියාකාරව සිදු නොවන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවේය.

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලබාගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන හෙයින් අතිරේක එන්නත් මාත්‍රා තිබෙන රටවලින් හෝ එම එන්නත් ලබාගැනීමට රජය අපොහොසත් වී සිටින බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

එලෙස පවතින අතිරේක එන්නත් මෙරටට ලබාදෙන ලෙසද එම රටවලින් පක්ෂයක් ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර රටට අවශ්‍ය එන්නත් මිලදී ගැනීම සඳහා විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මුදල් ආධාර ලබාදීමට කැමැත්තෙන් සිටියද ඒවා රැස්කළ හැක්කේ රජය එකඟවන්නේ නම් පමණක් වන හෙයින් එම අවසරය ලබාදෙන ලෙසද මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලාසිටින ලදී.

(LNW)