Monday, November 10, 2025
Follow Us
වෙනත් රටවල වරායන් ප්‍රතික්ෂේප කළ නැවක් කොළඹ වරායට රැගෙන ඒමට ඉඩ දුන්නේ ඇයි?- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ගැටළු සහගත තත්වයක් ඇති නැවක් මෙරට මුහුදු තීරයට ගෙන ඒම වරදක් බවයි.

වෙනත් රටවල වරායන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නෞකාවක් මෙසේ ගෙන්වූයේ කුමන හේතුවකටදැයි ගැටළුවක් පැන නගින් බවත් මෙම කටයුත්තේදී වරාය අධිකාරිය අනවශ්‍ය ප්‍රශ්නයක් ඇඟේ දමා ගැනීමක් පෙනෙන්නට ඇතැයිද අමාත්‍යයවරයා පවසා සිටියේය.

මෙම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරටට අයත් මුහුදු තීරය සම්පූර්ණයෙන්ම විනාශ වන තත්ත්වයකට පත්ව ඇතැයිද ඇමැතිවරයා අවධාරණය කළේය.

(Lanka Leads)