අවදානම් සහගත තත්ත්වයේ තිබුණු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවට මෙරට මුහුදු සීමාවට ඇතු`ථවීමට අවසර ලැබුණේ කෙසේද යන්න ආණ්ඩුව වහාම හෙළි කළ යුතු බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඒ මහතා නිකුත් කළ නිවේදනය මෙසේය. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත‍්‍රා කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් නවයකට ආසන්න මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක්වීම පිළිබඳව අපක්ෂපාතී පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කරමු. එක්ස්ප‍්‍රස් පර්ල් නැව මැයි මස 10 වැනිදා ඩුබාහි ‘ජෙබෙල් අලි’ වරායෙන් නයිටි‍්‍රක් ඇසිඞ් මෙටි‍්‍රක් ටොන් 25 ක් ඇතුළුව බහාලූම් 1486 ක් පටවාගෙන ඇති බවත් ශ‍්‍රී ලංකාවට සැතපුම් දහස් ගණනක් ඈත අරාබි මුහුදේ හෝමූස් සමුද්‍ර සන්ධියට ආසන්න වෙත්ම බහාලූම් 2 ක නයිටි‍්‍රක් ඇසිඞ් කාන්දු වන බව නැවේ කාර්ය මණ්ඩලය සොයාගෙන ඇති බවත් පැවසේ. ඇසිඞ් කාන්දුව වාර්තාවීමත් සමඟ නැව කටාර් ප‍්‍රදේශයේ Hamad වරාය වෙත යෑමට උත්සාහ කොට ඇති අතර, ඇසිඞ් කාන්දුව නිසා වරායට ඇතුළුවීමට කටාර් රාජ්‍ය අවසර දී නැත. එවන් තත්ත්වයක් තුළ මෙවැනි අවදානම් සහගත නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම අහම්බෙන් සිදුවිය හැක්කක් නොවේ. එසේ නම් ඊට අවසර ලැබුණේ කෙසේද? කාගෙන්ද? යන බරපතළ ප‍්‍රශ්නය මේ වනවිට පැන නැගී තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ පුන පුනා කතා කරන ආණ්ඩුව මෙවන් අවදානම් සහගත නෞකාවක් මෙරට මුහුදු තීරය වෙත පැමිණෙන තුරු නිහඬව සිටියේ ඇයි?
අදාළ ගිනිගැනීම හේතුවෙන් සමුද්‍රීය පද්ධතිය ඇතුළු සමස්ත පරිසරයට දැඩි අහිතකර බලපෑම් සිදුව ඇති බව වාර්තාවේ. ‘එකස්ප‍්‍රස් පර්ල්’ නෞකාව ඉන්දියාවේ සහ කටාර්හි වරායන් දෙකකට ඇතුළු වීමට සිදුකළ ඉල්ලීම එම වරායන් ප‍්‍රතික්ෂේප කළ බවට පළවූ විදෙස් මාධ්‍ය වාර්තා පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කරන අතර මේ සිදුවීම හරහා පැන නගින විශේෂ ගැටලූ කිහිපයක් වෙයි.
විශේෂයෙන්ම මේ ගිනි ගැනීම හේතුවෙන් අදාළ සමුද්‍රීය කලාපයට දැඩි හානි සිදුවීමත් ඒ හේතුකොටගෙන සෘජු සහ ඇතුරු ප‍්‍රශ්න රැුසක් නිර්මාණය වීමත් නොවැළැක්විය හැකි කරුණකි. මේ හේතුවෙන් ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් සිදුවී ඇත. නෞකාවේ විෂ රසායන හේතුවෙන් මෙම මුහුදු තීරයන්හිදී අල්ලා ගන්නා ලද මසුන් ආහාරයට ගැනීම ද අනතුරුදායක බවට ද විශේෂඥ මත ඉදිරිපත්ව ඇත. කොරෝනා උවදුර නිසා මේ වනවිට ලංකාවේ ලක්ෂ 10 කට පමණ රැුකියා අහිමිව ඇති අතර නාවික අනතුර නිසා තවත් ලක්ෂයකගේ පමණ රැුකියා අවදානමට ලක්ව තිබේ. අදාළ නෞකාවට ඉන්දියාවෙන්ද බහාලූම් එක්කර ඇති බව පැවැසෙන අතර ඉන්දීය වෛරස් ප‍්‍රභේදය ද ඒ හරහා මෙරටට එක්වීමේ අවදානමක් ඇතැයි ද අනතුරු අඟවා ඇත. රසායන ද්‍රව්‍ය සහිත ඉන්ධන ගසාගෙන විත් මුහුදු තීරයට එකතුවීමෙන් ජලජ ජීවීන්, කොරල් පර හා අවට විශාල වායු ¥ෂණයක් ඇතුළු බරපතල හානි සිදුවිය හැකි බව විශේෂඥ මතයයි.
වායුගෝලයට විමෝචනය වන නයිට‍්‍රජන් ඔක්සයිඞ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමඟ මිශ‍්‍ර වීමෙන් නයිටි‍්‍රක් අම්ලය හෙවත් ඇසිඞ් වැසි ඇති වන ස්භාවයක් ගන්නා අතර එලෙස ඇති වන වායුව හේතුවෙන් අවට ප‍්‍රදේශවල ඇති ඇසිඞ් වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවත් විiාත්මක තත්ත්වයයි.
විශේෂයෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර මත ආණ්ඩුවේම පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන අතර එය මේ සිදුවීම පිළිබඳව දැඩි සංකීර්ණතාවයක් ඇති කිරීමට හේතු වී තිබේ. අදාළ නෞකාව මෙරට සමුද්‍ර කලාපයට යාත‍්‍රා කළේ කාගේ අවසරය පිටද? නෞකාව මෙරට සමුද්‍රීය පද්ධතියට පැමිණෙන බව අදාළ පාර්ශ්වවලට විධිමත්ව දැනුම් දුන්නාද? ඒ සඳහා වගකීම භාරගන්නේ කවුද? සිදුවී ඇති පාරිසරික හානිය හේතුවෙන් අදාළ නෞකාව අයත් ආයතනය ශ‍්‍රී ලංකාවට කොපමණ වන්දියක් ගෙවිය යුතුද? හානිය තක්සේරු කරන්නේ කවුද? එම වන්දිය ලැබෙන බව විශ්වාසද? ඉකුත් සැප්තැම්බර් මාසයේ ශ‍්‍රී ලංකාවේ නැෙඟනහිර වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 38 කට එපිටින් නිව් ඩයමන්ඞ් නමැති නැව ගිනිගෙන විනාශ වූ අතර ඊට ඩොලර් බිලියන ගානක වන්දියක් දුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනු ලැබීය. මුදල් පවා ලැබුණාද නැද්ද යන්න තවමත් නිශ්චිතව පවසා නැත. මේ සියලූ කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකොට අපක්ෂපාතී පරීක්‍ෂණයක් පවත්වා සත්‍ය හෙළිදරව් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.
(Lanka Leads)