ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.
සැතපුම් දහස් ගණනක් ඈත අරාබි මුහුදේ ගමන් කරමින් තිබියදී නැව අනතුරට ලක්වන බව තහවුරු වී ඇති බවත්, එවැනි තත්වයක් තුළ අදාල නෞකාව නැංගුරම් ලෑම වරාය දෙකකින් ප්‍රතික්ෂේප කර තිබියදී කොළඹ වරාය ඊට අවසර දී ඇති බවත් අවධාරණය කරන විපක්ෂ නායකයා පවසන්නේ එවැනි තීරණයක් ගැනීමට හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතු බවයි.
මෙම නාවික අනතුර හමුවේ සෘජු සහ වක්‍ර ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලවන බවද පරිසර හානියට අමතරව ලක්ෂයකගේ පමණ රැකියා අවදානමට ලක්වන බවද සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
(LNW)