Monday, November 10, 2025
Follow Us
බැසිල් ඇමරිකාවට ගියේ රටට සෙතක් කරන්නත් එක්කයි. ඒක අපි දැන්ම අනාවරණය කරන්නේ නෑ - දිළුම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හදිසියේ විදෙස්ගත වූයේ රටට සෙතක් කිරීමේ වැඩපිළිවෙලක් ද සහිතව බවත් ඒ පිළිබඳව මේ මොහොතේ අනාවරණය නොකරන බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

"රටේ පවතින තත්වය සඳහා එතුමාට කළ හැකි බලපෑම් හරහා රටට සෙතක් කිරීමේ වැඩපිළිවෙලක් සඳහාත් තමයි බැසිල් රාජපක්ෂ මහතා විදේශගත වෙලා ඉන්නෙ. ඉතිං ඒක දැන් කිව්වොත් ඒක කරගන්න හම්බෙන්නෙත් නෑ, ඒක නිසා ඒක අපි අනාවරණය කරන්නෙ නැහැ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ පෙරේදා (19) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)