කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට සිය පක්‍ෂය ඉදිරිපත් කර ඇත්තේ වරාය නගරයේ අයිතිය සහ පාලනය ශ්‍රී ලංකාවට හිමිවන ආකාරයේ සංශෝධන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ආණ්ඩුව එම සංශෝධන පිළිගන්නේ නම් පමණක් එම පනත් කෙටුම්පතට සහායදීමට අවධානය යොමුකළ හැකි බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියාසිටියේ.
(Neth)