Monday, February 16, 2026
Follow Us
පෝට්සිටි කොමිෂන් සභා පනත ගැන සාකච්ජා කරන්න සමගී ජන බල වේගයේ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්තට ආණ්ඩුව ඉදිරිපත් කරන සංශෝධනවලට අනුව සිය පක්ෂයේ ස්ථාවරය තීරණය කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. ඒ සඳහා සිය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වීමට නියමිත බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)