Monday, February 16, 2026
Follow Us
කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද පාර්ලිමේන්තුවට

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම පනත් කෙටුම්පත හෙට සහ අනිද්දා යන දෙදින තුළ විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත්තේ.

ඒ අනුව හෙට උදෑසන 10 සිට සවස 05යි 30දක්වාත් අනිද්දා උදෑසන 10 සිට සවස 04යි 30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පැවසුවා.

(Neth)