Friday, April 19, 2024
Follow Us
දින 10න් ඇඳන් 10,000ටත් වඩා හැදුවා. මේ රටේ තරුණ පරපුරට ස්තූතියි - නාමල්

කොවිඩ් රෝගීන් සඳහා පවතින ඇඳන් හිඟය පියවීමේ අරමුණින් යුතුව දියත් කළ "දින 10කින් ඇඳන් 10,000ක්" ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමකිරීමට හැකියාව ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් මේ රටේ තරුණ පරපුරට ස්තූතිවන්ත වන බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

"අපි දින 10කින් තමයි ඇඳන් 10,000 හදන්න කටයුතු කළේ. අපට දැනට ලැබිලා තියෙන ඇඳන් ප්‍රමාණය බලනකොට එය 10,000 ඉක්මවා ගිය ප්‍රමාණයක් බවට පත්වෙලා තියෙනවා. ඉතිං ඒ හින්දා අද අපි තීන්දු කරන්නෙ අපට වැඩිපුර ලැබෙන ඇඳන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍යතාවයක් තියෙනවා නම් ප්‍රදේශයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට ලබාදෙන්න අපට පුළුවන්. ඒවගේම අපි විශේෂ ස්තූතියක් කරන්න ඕනෙ මේ රටේ තරුණ පරම්පරාවට. ඒවගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලසීමාව තුළත් මේ තරුණයින්ගෙ මේ උද්‍යෝගය සහ සහභාගීත්වය තුළින් මේ වැඩසටහන සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඇඳන් 10,000 වැඩසටහනේ අවසන් අදියර අම්පාර ප්‍රදේශයේදී ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

(LNW)