Saturday, April 27, 2024
Follow Us
විපක්ෂය දිගටම ලොක්ඩවුන් කරන්න කිව්වා, දැන් පේනවානෙ දවස් තුනට වෙලා තියෙන ප්‍රශ්න - බන්ධුල

රටම ලොක්ඩවුන් කරන්නැයි විපක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටියත් එයින් සාමාන්‍ය ජනතාවට සිදුවන පීඩාව සලකා ආණ්ඩුව එම තීරණයට නොගිය බවත් යන්තම් දින තුනක කාලයකට පමණක් රට වසාදැමීම තුළ කොතරම් පීඩනයක් ඇතිවන්නේද යන්න දැන් ජනතාවටම ප්‍රායෝගිකව අත්දකින්නට සිදුව ඇති බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

"දැන් පසුගිය කාලය තුළ විපක්ෂය විශාල වශයෙන් දිගින් දිටම දිගටම මුළු රටම ලොක්ඩවුන් කරන්න ලොක්ඩවුන් කරන්න කියලා විශාල උද්ඝෝෂණයක් විශාල චෝදනාවක් රජයට එල්ල කළා. දින තුනක කාලය තුළ ලොක්ඩවුන් කළාම කොටස් වශයෙන් කළත් ඇතිවෙන පීඩනය දැන් ජනතාවට පැහැදිලියි. ගොවියො ගත්තත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවො ගත්තත් ඕනෙම ලොක්ඩවුන් කිරීමකදි ඉතා විශාල පීඩාවකට සාමාන්‍ය පොදු ජනතාව පත්වෙනවා. රජය වශයෙන් අපි ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ටික රටපුරා බෙදාහැරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පිටකොටුව ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)