Thursday, March 28, 2024
Follow Us
අපි හරියට වැඩේ කරනකං විපක්ෂෙට තියෙන්නෙ කට වහගෙන බලාගෙන ඉන්න - පියල් නිශාන්ත

සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිළධාරීන් කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, දේශපාලනඥයන් ලබාදිය යුතු හොඳම සහයෝගය වන්නේ විවේචන, චෝදනා කිරීමෙන් වැළකී ඔවුන්ට නිදහසේ සිය කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදීම බවත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

මාධ්‍ය ආයතනවල කැමරා ඉදිරියේ විවිධ ප්‍රකාශ සිදු කරමින් විවේචන එල්ල කිරීමෙන් වැළකී සිටින ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. ඔහු පවසන්නේ, විපක්ෂයට මේ අවස්ථාවේදී ලබාදිය හැකි හොඳම සහයෝගය කටවල් වසාගෙන සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සිදුකරන කාර්යභාරය දෙස බලා සිටීම බවද ඔහු පවසනවා.

පසුගිය දිනවලදී විපක්ෂය දිගින් දිගටම සඳහන් කළේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ආණ්ඩුවට ඕනෑම සහයෝගයක් ලබාදීමට විපක්ෂය සූදානම් බවයි. කෙසේ නමුත් එම සහයෝගය ලබා ගැනීම සඳහා ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවටද ඔවුන් චෝදනා කරනවා.

(LNW)