Monday, February 16, 2026
Follow Us
තමන්ට විරුද්ධව අසත්‍ය චෝදනා කළ අයෙකුට එරෙහිව අධිකරණ ඇමතිගෙන් එන්තරවාසියක්

මාධ්‍ය හමුවක් කැඳවමින් තමන් සම්බන්ධයෙන් අසත්‍ය සහ දේශ සහගත ප්‍රකාශයක් සිදු කළ බද්දේගම නයාපාමුල පදිංචි ආනන්ද ලැනරෝල් නැමැත්තාගෙන් රුපියල් බිලියනයක් ගෙවන ලෙස ඉල්ලා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් එන්තර වාසි යවා තිබෙනවා.

දින 14ක් තුළ එම මුදල නොගවන්නේ නම් ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවයි අධිකරණ අමාත්‍යවරයාගේ නීතිඥවරයා ආනන්ද ලැනරෝල් නැමැත්තාට දන්වා ඇත්තේ.

(Neth)