Wednesday, December 31, 2025
Follow Us
එන්නත්කරණයට සූදානම් නොවී පැණි සහ කළගෙඩි පස්සේ දිවීමේ ප්‍රතිඵල තමයි මේ ලැබෙන්නේ - මරික්කාර්

කොවිඩ් මර්දනය සඳහා එන්නත්කරණ වැඩසටහනකට සූදානම් නොවී විවිධ පැණි වර්ග ප්‍රවර්ධනය කිරීම, ගංගාවලට කළගෙඩි දැමීම වැනි මිත්‍යාවන් පසුපස දිවීම යනාදී ආණ්ඩුවේ වැරදි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල කොවිඩ් තුන්වැනි රැල්ල හමුවේ රටේ ජනතාවට අත්විඳින්නට සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

"තුන්වෙනි රැල්ලක් පැමිණෙයි කියලා බලාපොරොත්තුවෙන් එන්නත්කරණය සඳහා සූදානම් නොකොට පැණි සහ කළගෙඩි පස්සේ පැන්නීමේ ප්‍රතිඵල තමයි අද මේ ඇවිල්ලා තියෙන්නෙ. මේ ආසාදිත වන අයගේ රෝග ආසාදනයට සහ මියයන අයගේ ජීවිතවලට වගකියන්න ඕනෙ වර්තමාන ආණ්ඩුව කියන එක අපි පැහැදිලිවම කියන්න කැමතියි.

විශේෂයෙන් මිලියන 1360ක් කොරෝනා අරමුදලට ලැබිලා තිබ්බා. ස්පුට්නික් එන්නත, සයිනොෆාම් එන්නත, ෆයිසර් එන්නත් ගෙන්වන්න පර්චස් ඕඩර්ස් සහ ඉන්වොයිස් තවම හරියාකාරව රේස් කරලා නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි.

(LNW)