Wednesday, April 24, 2024
Follow Us
බ්‍රසීලයේ වගේම මෙහෙත් මුලදී රට වහන්න කිව්වාම හිනාවුණා, මේක ආණ්ඩුවේ වගකීම් විරහිතබව - හර්ෂ

අද වනවිට කොවිඩ් වසංගතය හමුවේ දරුණු විනාශයකට මුහුණ පා සිටින බ්‍රසීලයේත් ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනයේත් යම් යම් සමානකම් දක්නට ලැබෙන බවත් පාස්කු ප්‍රහාරය හමුවේ පාලකයාගේ වගකීම් විරහිතබව හා සමානම තත්වයක් කොවිඩ් වසංගතය හමුවේ ද මෙරටින් දක්නට ලැබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

"දැන් මේ දවස්වල බ්‍රසීලයේ පත්කරලා තියෙනවා බ්‍රසීල සෙනෙට් සභිකයින් 11 දෙනෙකුගෙන් යුත් විශේෂ විමර්ශන කමිටුවක් ඇයි මෙච්චර විදියට මිනිස්සු මියගිහිල්ලා තියෙන්නෙ, ඒ සඳහා ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වගකියන්න ඕනෙද, එහෙම නම් දෝෂාභියෝගයක් ගේන්න අවශ්‍යද බොල්සොනාරෝ ජනාධිපතිවරයාට විරුද්ධව කියලා හොයන්න.

ලංකාවෙත් මුලින්ම හිනාවුණා, කිව්වා මොනවටද රට වහන්නෙ කියලා. මුට්ටි දැම්මා, ඊට පස්සෙ පැණි බිව්වා. අරහෙ වගේම සෞඛ්‍ය ඇමතිලා හතරදෙනෙක් ඉන්නවා මේ රටේත්. එහෙ වගේම ආමි එකේ ජෙනරාල් කෙනෙක් තමයි සියලු පාලනය කෝවිඩ් එකේ කරන්නෙ. හැබැයි එහෙටත් වඩා අඩු ප්‍රමාණයක් තමා අවසානයෙදි 1%ක මේ එන්නත් මාත්‍රා දෙක ලබාදීලා තියෙන්නෙ.

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී වගකීම් විරහිත ක්‍රියාවලියක් නම් මෙතන වෙලා තියෙන්නෙත් එවැනිම වගකීම් විරහිත ක්‍රියාවලියක් නෙවෙයිද ? ඔවුන් අවශ්‍ය වෙලාවට ඒ ක්‍රියාමාර්ග ගත්තා නම් අද මෙවැනි තත්වයක් මේ රටේ උදාවෙන්නෙ නෑ කියන එක දත්ත එක්ක ඔප්පු කරන්න පුළුවන් කියන එක තමා මේ විශේෂඥයො අපට පෙන්නලා දෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)