Wednesday, December 31, 2025
Follow Us
ලොක්ඩවුන් ප්‍රදේශවල ජනතාවට මුදල් ආධාර දීමේ සැලස්මක්!

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවට මූල්‍යාධාර ලබා දීම කඩිනම් කිරීම ගැන අගමැතිවරයා ආණ්ඩු පක්ෂ නායකයින් සමඟ සාකච්ජා කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ රාත්‍රියේ පැවති අරලියගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ නායකයින්ගේ හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් එම හමුවට සහභාගී වී ඇති අතර එන්නත් දීමේ වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යාම ගැනත් සෙසු පහසුකම් මෙන්ම රෝහල්වල ඇඳන් ලබා දීම පිළිබඳව අගමැතිතුමා උපදෙස් දුන් බව අවශ්‍යතාව පරිදි සීමාවකින් තොරව මේ සඳහා මුදල් වැය කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගත් තීන්දුවත් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු බවත් අමරවීර මහතා සඳහන් කළේය.

අවශ්‍ය වුණොත් දිස්ත්‍රික්ක මට්ටමට සංචරණ සීමා පැනවීම ගැනද මෙම රැස්වීමේදී සාකච්ජා කර ඇත.

(LNW)