Wednesday, December 31, 2025
Follow Us
වැක්සීන් ගේන්නැතුව ජෙට් රෙපෙයාර් කළාය කීම පට්ටපල් බොරුවක් සහ කුහකත්වයේ උපරිමය - කෙහෙළිය

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි රජය ඉහළම ප්‍රමුඛතාවය ලබාදී ඇති බවත් එය එසේ නොවන බවට විපක්ෂය එල්ල කරන චෝදනා පට්ටපල් බොරු සහ කුහකත්වයේ උපරිමය පෙන්නුම් කරන්නක් බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

"ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් ජීවිතයත් මරණයත් අතර මේ කරන සටනේදී මතක තියාගන්න ආණ්ඩුව පැහැදිලිවම ඒකට ප්‍රමුඛත්වය ; එක, දෙක, තුන ප්‍රමුඛත්වය ඒකට. වෙන කිසිම දේකට නැහැ. හැබැයි රටේ අනෙකුත් වැඩපිළිවෙලවල් පරිපාලනය කිරීමේදී ඒවා යන්න පුළුවන් මට්ටමෙන් යනවා. දැන් ඒවා දැකලා කියනවා නම් අන්න මේ ජෙට් එක රෙපෙයාර් කරන්න මෙච්චර මුදලක් වියදම් කළා වැක්සීන් ගේන්නැතුව කියලා, ඒක පට්ටපල් බොරුවක් සහ කුහකත්වයේ උපරිමය" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (09) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)