පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
එහි නිලධාරියෙකු පැවසුවේ කොවිඩ් යැයි සැකසහිත සේවකයෙකු හමුවීමත් සමග මෙම පියවර ගත් බවයි.
කොවිඩ් සැක සේවකයා හමුවීමෙන් පසුව කතානායක කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශය පූර්ණ ලෙස විෂබීජහරණය කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ කොවිඩ් සැක සහිත සේවකයකු හමුවීම නිසා කතානායක කාර්යාලයේ සේවකයන් පිරිසක් නිරෝධායනයට යොමුකර ඇති බවයි.
එමෙන්ම පාර්ලිමේන්තු සේවකයන් පිරිසක් කොරෝනා පරීක්ෂණවලට යොමු කර ඇති බවත් එම පරීක්ෂණවල වාර්තා අද හෝ හෙට ලැබීමට නියමිත බවත් වේත්‍රධාරිවරයා පැවසීය.
(Aruns)