Wednesday, December 31, 2025
Follow Us
පළාත් සභා ඡන්දය එපා – පො.ජ.පෙ.

රටේ පවතින වාතාවරණය හමුවේ පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේ පක්ෂ සහ දිස්ත්‍රික් නායකයන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැති අතර පළාත් සභා මැතිවරණය කල් දැමීමේ යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් විසින්ම ඉදිරිපත් කර තිබේ. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණ ගැටලු සහ පනත සංශෝධනය කිරීම ආදී කටයුතු අවසන් කළ යුතු බවටද පක්ෂ නායකයන් සහ දිස්ත්‍රික් නායකයන් බහුතරයකගේ මත වී තිබේ. එම හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් යනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචිමාර්ග අනාවරණය කරයි.

(Aruna)