රට තුළ ආණ්ඩු විරෝධයක් නිර්මාණය වෙමින් තිබියදී ආණ්ඩුව සුපුරුදු ලෙස මුස්ලිම් විරෝධයක් ඇවිස්සීමට ආරම්භ කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
"ආණ්ඩුව බලයට එන්න පාවිච්චි කරපු මෙවලම් කිහිපයක් තිබුණා. එකක් තමයි මුස්ලිම් විරෝධය. මුස්ලිම් විරෝධය මොනවාගෙන්ද හැදුවෙ ? එක පැත්තකින් රිෂාඩ් යොදාගත්තා. ඒවගේම ඩොක්ටර් සාෆි යොදාගත්තා කාන්තාවන් වඳකරනවා කියලා. ඊළඟට වඳපෙති, වඳකොත්තු, වඳබෙහෙත් මේවා පාවිච්චි කළා. මේවා පාවිච්චි කරලා තමා මේගොල්ලො බලයට ආවෙ.
දැන් ආණ්ඩු විරෝධය නිර්මාණය වෙද්දි මේවා ආයෙ ඉස්සරහට අරන් යන්න ඕනෙ. අකුණු ගහනකොට යකඩයක් එළියට දානවා වගේ මොකක් හරි අල්ලගෙන එළියට දානවා. ඒක තමයි මේ කරන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඊයේ (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී නලින් බණ්ඩාර මහතා මෙලෙස පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
(LNW)