කොරෝනා වසංගතය භාවිතා කරමින් සිය පුද්ගලික දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ආණ්ඩුව දිගටම කටයුතු කරන්නේ නම් කොරෝනා වසංගතයෙන්ම ආණ්ඩුවේ අවසානය සනිටුහන් වීමත් වැළැක්විය නොහැකි වනු ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ අනතුරු හඟවයි.
"ආණ්ඩුව අර කොටියා ආවෝ ආවෝ කියන සෙල්ලම කරන්න පටන් අරන් තියෙනවා මේ කොරෝනාවත් එක්ක. අපි දැක්කා ඡන්දෙ තියාගන්න වෙලාවේ ඒ ඡන්දෙන් දිනාගන්න පුළුවන් හින්දා මේක වහන්න ඕනෙ නෑ, මේ 28ක් ආවාට රටක් වහන්න පුළුවන්ද මට කියලා ගෝඨාභය මහත්තයා කිව්වෙ. රට දුවන්න ඕනෙ කිව්වා, සංචාරකයො ගේන්න ඕනෙ කිව්වා.
හැබැයි දැන් මොකද වෙලා තියෙන්නෙ ? අප්‍රේල් 19 වෙනිදා කිව්වා පොහොට්ටුවෙ කට්ටිය අපි එකතුවෙලා මැයි රැළිය කරනවා කියලා, 20 වෙනිදා පිට්ටනි ටික බේරලා දුන්නා පොලිසියෙ මහත්තරු පක්ෂවලට කොළඹට එන්න කියලා, අපටත් බීආර්සී පිටිය හම්බුණා ඒකෙන්. 20 වෙනිදාම දවල් වෙනකොට කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දිනය පවත්වන්නෙ වෙනම, සමසමාජය වෙනම, කොමියුනිස්ට් වෙනම, වීරවංශලාත් වෙනම. අන්න ඒක නිසා පොහොට්ටුවෙ පෙති ගැලවෙන හින්දා, අත ලකුණ භාවිතා කරලා පොහොට්ටුවෙ පරවෙච්ච පෙති ගලවන්න සූදානම් වෙච්ච හින්දා ආණ්ඩුව බයවුණා, සලිත වුණා. ඔවුන්ට මැයි දිනය තියාගන්න බෑ, ඔවුන්ගෙ පක්ෂ කැඩිලා බිඳිලා යනවා. ඒක වහගන්න දාපු කාරණය තමයි දැන් හැමතැනම කොරෝනා පැතිරෙනවා කියලා භීතියක් මවන්න පටන් ගත්තා.
ඔය භීතිය අවුරුද්දට තිබුණෙ නෑ, කොවිඩ් කමිටුව රැස්වුණෙත් නෑ, ගම සමග පිළිසඳරට ඒවා මොනවත් තිබුණෙ නෑ. දැන් ඔය කොටියා එනවෝ එනවෝ කියලා අන්තිමට මොකද වුණේ ? ඇත්තටම කොටියා එනකොට කිසිකෙනෙක් ආවෙ නෑ, කොටියා කාලා මැරුණා. ආණ්ඩුවත් කොරෝනා පාවිච්චි කරලා ඔය ගරානා වැඩ කරගන්නවා නම් අනාගතයේ ආණ්ඩුවත් කොරෝනා පිටින්ම මියයන එක නවත්තන්න බෑ කියලා අපි අනතුරු හඟවනවා" යනුවෙනුයි ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා සඳහන් කළේ.
නලීන් හේවගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)