පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් සොයනවා වෙනුවට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග නිසා ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව විහිළුවක් බවට පත්වෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා පවසයි.
"මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් හොයාගන්න හරි උත්සාහයක් ගන්න. අපි ලෝකය ඉදිරියේ අද විහිළුවක් බවට පත්වෙනවා. රටේ නීතිය රකින්න තියෙන ආයතනවල විශ්වසනීයත්වය තමයි අපි නැතිකර ගන්නේ මේ තත්වය තුළින්. හරීන්ලා රිෂාඩ්ලා තව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වැඩිවෙයි, හැබැයි මේවා සාමාන්‍ය නීතියෙන් පිට කරන්නෙ. සාමාන්‍ය සම්ප්‍රදායෙන් පිට කරන්නෙ. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මයි මේ අනතුරට මුහුණ දීලා තියෙන්නෙ. මේ රටේ සිවිල් පුරවැසියෙන්ගෙ අයිතිවාසිකම් තමයි මේ තර්ජනයට මුහුණ දීලා තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඉමිටියාස් බාකීර් මාකර් මහතා මේ බව පැවසුවේ ඊයේ (24) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)