Wednesday, December 31, 2025
Follow Us
රිෂාඩ් විතරක් නෙවෙයි ජවිපෙ මේ අන්තවාදීන් සමග පැමිණි එකඟතාවනුත් එළියට එනවා - මහින්දානන්ද

රිෂාඩ් බදූර්දීන් මන්ත්‍රීවරයා ඉස්ලාම් අන්තවාදීන් සමග පැවැත්වූ සබඳතා ගැන සියලු සාක්ෂි අනාවරණය වූ හෙයින් ඔහුව අත් අඩංගුවට ගත් බවත් එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණත් ඉස්ලාම් අනතවාදී සංවිධාන කිහිපයක් සමග පැමිණි එකඟතාවක් ගැන ද සියල්ල මේ වනවිට හෙළිවී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

"ඇයි අද රිෂාඩ් බදූර්දීන් අත් අඩංගුවට ගන්නෙ ? රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයාගෙ සියලු සාක්ෂි අහුවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අද බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් පත්වෙලා තියෙනවා මේ මරාගෙන මැරෙන බෝම්බකරුවාගෙ පියාත් එක්ක. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ඒ අන්තවාදී සංවිධාන කිහිපයක් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. මේ සියල්ල පිළිබඳ එළිවෙනවා. ඒක නිසා මතක තියාගන්න මේක විපක්ෂය මර්දනය කිරීමක් නෙවෙයි. අපිට පාස්කු කොමිසමේ මිනිස්සුන්ට දඬුවම් දෙන්න කියනවා, ඒ දඬුවම් දෙනකොට අපට කියනවා අපි විපක්ෂය මර්දනය කරනවා කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)