2020 වර්ෂයට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ කෙටුම්පත දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද තමන්ගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් වී තිබේ දැයි පරික්ෂාකර ගත හැකි බවයි.
2021 අප්‍රේල් 30 වන දි ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීමට නියමිතව ඇති බවත් ඊට පෙර ඡන්දහිමි නාම ලේඛනයේ තමාගේ නම ඇතුළත් වී ඇද්දැයි පරික්ෂා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඡන්දහිමි නාම ලේඛනයේ තමාගේ නම ඇතුළත් වී නොමැති නම් ඒ පිළීබඳව ග්‍රාම නිළධාරිවරයා හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය දැනුවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
(Aruna)