පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පත මුල් අවස්ථාවේම ප්‍රතික්ෂේප කරන ලෙසට අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා .
මෙවැනි ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් වෙනම කලාපයක් සංවර්ධනය කිරීමට බව පවසමින් රටේ ස්වෛරීභාවයට ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් ගෙන දෙන පනත් කෙටුම්පතක් මීට පෙර සම්පාදනය කර නොමැති බැවින් මෙම පනත් කෙටුම්පත මුල් අවස්ථාවේදීය ප්‍රතික්ෂේප කරන ලෙසට තමා ඉල්ලා සිටින බව විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (g) (3) ව්‍යවස්ථාව අනූව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභාව වෙත ඉදිරිපත් කළ යුතුව තිබූ බවත් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් වන බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ලබා දී ඇති බවත් රාජපක්ෂ මහතා පවසා සිටියා .
කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පත මගින් වෙනම රාජ්‍යයක් සදහා අවශ්‍ය වෙනම භූමියක් , ජනගහනයක්, වෙනම පරිපාලන අධිකාරියක්, වෙනම මුදල් ඒකකයක් ප්‍රදානය කර ඇති බවත් එය රටේ ස්වෛරීභාවයට , භෞමික අඛණ්ඩතාවයට සහ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියා.
ශ්‍රී ලංකා ඒකීය රාජ්‍යයක් බවත් එය සමග තරග වදින වෙනම කලාපයක් බිහි කිරීම ඒකීය රාජ්‍යය සංකල්පයට තර්ජනයක් බවත් විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියා .
මෙම පනත් කෙටුම්පත මගින් වරාය නගරය තුළ ශ්‍රී ලංකා රුපියල් භාවිත කිරීම වළක්වා ඇති බවත් එය රුපියලේ අගය තවදුරටත් බිද හැලීමක් බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියා .
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් කිරීමට වඩා ජාතියක් ලෙසට ශ්‍රී ලංකාවේ පැවැත්ම තහවුරු කරනවාද නැද්ද යන්න තීරණය කිරීම අධිකරණය සිදු කළ යුතු බව විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියේය.
(Neth)