Monday, February 16, 2026
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දිනය සැමරීමට තීරණය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෝක කම්කරු දිනය වෙනමම සැමරීමට තීරණය කළ බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව එම තීරණය ගත් බව හිටපු ජනාධිපතිවරයා සදහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹදී මැයි දින රැළිය පැවැත්වීමට නියමිතයි.

(Aruna)