කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ වාර්තා වලට අනුව අද(20) සවස 02:30ට අංක. 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ පිහිටි එම මූලස්ථානය වෙත ශ්‍රී ලංකාවේ සියලුම පක්ෂවල නියෝජිතයෝ කැඳවීමට කටයුතු කර ඇති බව වාර්තාවේ. එහිදී එළඹෙන මැයි දිනය සෞඛ්‍යය ආරාක්ෂිතව සමරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ. පසුගිය සිංහල අවුරුදු සමය තුළ මහජනයා කොවිඩ් වෛරසය පාලනය පිළිබඳව අවධානයකින් කටයුතු නොකිරීම හේතුවෙන් තැනින් තැන කොවිඩ් ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම සිදුවන බව සෞඛ්‍යය අංශ වාර්තා සනාත කරයි. මේ හේතුවෙන් මැයි දිනය යම් සීමාකාරී තත්වයන් යටතේ පැවැත්විය යුතු බව විද්වතුන්ගේ මතය වී තිබේ.
(Lanka Leads)