Wednesday, December 31, 2025
Follow Us
දේශපාලන පලිගැනීම් ගැන සෙවූ කොමිසමේ අවසන් වාර්තාවේ විවාදයට දින නියම වෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වනවා. විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි 05 ක්, සුරාබදු ආඥා පනත යටතේ නියෝග 02 ක් සහ ආනයන - අපනයන පනත යටතේ රෙගුලාසි කිහිපයක් අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි.

අද සිට ලබන 23 වනදා දක්වා දින 04 ක් උදෑසන 10 සිට පස්වරු 05.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා.

ඒ අනුව ලබන 22, 23 යන දිනවලදී පසුගිය රජය සමයේ දේශපාලන පලිගැනීම් පිළිබඳ තොරතුරු සොයාගැනීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිතයි.

(Neth)