සිංගප්පූරුවේ හෝ ඩුබායි රාජ්‍යයේ පිහිටුවා ඇති පරිද්දෙන් සකස් කෙරෙන මූල්‍ය නගරයකට තමන් විරුද්ධ නොමැති නමුත් මූල්‍ය නගරයකට මුවාවෙමින් රටේ නීතියට වග නොකියන චීන ඊළමක් ස්ථාපිත කිරීමේ වෑයමට තමන් තරයේ විරුද්ධ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
"හොරකම් කරපු සල්ලි, තම ගජමිතුරන්ගේ කළු සල්ලි සුදු බවට පත්කිරීම සඳහා රටත් ජාතියත් ජනතාවත් චීනයට පාවාදෙමින් ඉන්නේ මේ ආකාරයට තමයි.
තියෙනවා ප්‍රොපටි ඇසිස්ටන්ට් මැනේජර් කියලා තනතුරක්. මේ තනතුරේ ඉන්නෙ කවුද ? නිවාඩ් කබ්‍රාල්ගෙ පුතා ! ඊළඟට ප්‍රොපටි මැනේජර් කියලා එක්කෙනෙක් ඉන්නවා, දැන් එයාගෙ ෆේස්බුක් එක බැලුවාම ශාලක විජේරත්න. කවුද මේගොල්ලො ? කොහෙ හිටපු කට්ටියද ? මොකද්ද මේගොල්ලොන්ට තියෙන විශේෂඥ දැනුම ?
මේ ගනුදෙනුවලින් 1%යි ආණ්ඩුවට හම්බුවෙන්නෙ. සිංගප්පූරුව වගේ, ඩුබායි වගේ මූල්‍ය නගරයක් හදනවාට අපි විරුද්ධ නෑ, හැබැයි මේ මූල්‍ය නගරය මුවාවෙන් තම ගජමිතුරන්ගේ කළු සල්ලි සුදු කරන, මේ රට චීන ඊළමකට පාවාදෙන, රටේ නීතියට වගනොකියන, අධිකරණයට පාර්ලිමේන්තුවට වගනොකියන චීන ඊළම හදනවාටයි අපි විරුද්ධ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (18) දිනයේදී මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.
(LNW)