Thursday, January 01, 2026
Follow Us
වරාය නගරය වෙනුවෙන් පිලිගත හැකි නීති රාමුවක අවශ්‍යතාව සමගි ජනබලවේගය පෙන්වයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා රටේ ව්‍යවස්ථාවට යටත් නීති රාමුවක් අවශ්‍ය බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතේ අඩුපාඩු පවතින බැවින් ඒවා නිවැරදි කරගත යුතු බවයි.

දේශපාලන රාමුවලට කොටු නොවී නිසි ප්‍රතිපත්තියක් යටතේ වරාය නගරය සංවර්ධනය කරගත යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

(Neth)