Thursday, January 01, 2026
Follow Us
වරාය නගර පනත් කෙටුම්පත ගැන ශ්‍රීලනිපයේ මතය, අධ්‍යයනයකින් පසු

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඉදිරියේදී සිය පක්ෂයේ මතය ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් කියා සිටියේ අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමග මේ වනතෙක් සාකච්ඡා කර හෝ දැනුවත් කර නොමැති බවයි.

(Neth)