Thursday, January 01, 2026
Follow Us
චමල් සහ ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක්

ඇමති චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර අද(08) පාර්ලිමේන්තුව තුළදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේ තම මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ගැන සරත් ෆොන්සේකා මහතා අදහස් පල කරද්දී එවක කතානායක චමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දීමට යාමෙන් මෙම තත්වය ඇති විය.

ඒ අනුව සභාවේ කටයුතු විනාඩි 5කට අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.

(Aruna)