Thursday, January 01, 2026
Follow Us
පාම් ඔයිල් ආනයනය හදිසියේම තහනම් කළේත් කාට හරි විශේෂ වාසියක් හදා දෙන්නද ? - හර්ෂ

පාම් ඔයිල් ආනයනය කිරීම හදිසියේම තහනම් කළේත් කිසියම් ව්‍යාපාරිකයකුට විශේෂ වාසියක් අත්කර දීමටදැයි සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

"එක පාරටම ආනයනය කිරීම නැවැත්තුවා මේ පාම් ඔයිල් එක. දැන් අපි හොයලා බලන්න ඕනෙ කවුරු ගාවද පාම් ඔයිල් තියෙන්නෙ ? කවුරු ගාවද පාම් ඔයිල් ස්ටොක් තියෙන්නෙ ? කවුරු හරි ගාව පාම් ඔයිල් ස්ටොක් තියෙනවා නම් පාම් ඔයිල් ඊයෙ රෑ ඉඳන් ගේන්න බැරි නම් ඒ ස්ටොක් තියෙන කට්ටියට කොච්චර ලොකු ලාබයක් ලබාගන්න පුළුවන්ද ? ඔවුන් කලින් දැනගෙන හිටියාද ජනාධිපතිවරයා පාම් ඔයිල් ගෙන්වීම නවත්වනවා කියලා හදිසියේම ?" යනුවෙනුයි ඒ මහතා ප්‍රශ්න කළේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

(LNW)