Thursday, January 01, 2026
Follow Us
පළාත් සභා මැතිවරණයේදී ශ්‍රීලනිපය වෙනසකට සැරසෙයි

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම සන්ධානයකින් තරඟ වැදීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. එම සන්ධානයට තවත් පක්ෂ කිහිපයක් එක්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ද සහයෝගයෙන් එම කටයුතු සිදුවන බවයි දේශපාලන ආරංචි සඳහන් කළේ. එමෙන්ම, මේ වනවිට පළාත් පාලන ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 1,064 දෙනාගේ සහාය ද ඒ සඳහා හිමිව තිබෙනවා.

කෙසේ වෙතත්, පළාත් සභා මැතිවරණ පැවැත්වෙන කාල වකවානු මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්, ඉකුත් සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වූ අතර එහිදී තීරණය වූයේ ලබන 19 වනදා පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටයි. මෙම පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(Neth)