ශ්රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටින්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අගරදගුරු තුමන් විසින් කරන ලද ප්‍රකාශය පසුපස කිසියම් දේශපාලන හස්තයක් ඇත්දැයි සැක සහිත බවයි.
එහිදී ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ කිසිදු තැනක හිටපු ජනාධිපතිවරයා වරදකරුවකු කර නැති බවත් හිටපු ජනාධිපතිට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමට නීතිපති දෙපාර්තමේන්තුවට අවස්ථාවක් දෙන ලෙස පමණක් එහි දක්වා ඇතැයි ද මහ ලේකම්වරයා පවසා සිටියේය.
එම සඳහන නිවැරදිව තේරුම් නොගැනීම සම්බන්ධයෙන් කණගාටුවන බවද පවසන දයාසිරි මහතා උසාවියකින් වරදකරුවකු වන තුරු කිසිදු අයෙකු වරදකරු නොවන බවද අවධාරණය කළේය.
එහිදී දයාසිරි මහතා අවධාරණය කර සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල කළ හිටපු ජනාධිපතිවරයා නොවන බවත් මෙවන් ප්‍රකාශ වලින් සිදුවන්නේ සැබෑ වරදකරුවන් යටපත් වන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නඟමින් සිටින අවස්ථාවක මෙවැනි පහර දීම් සාමාන්‍ය බවත්ය.
(Lanka Leads)