Thursday, January 01, 2026
Follow Us
රන්ජන්ගේ මන්ත්‍රීධුරය ගැන තීරණය අද

වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න අභියාචනාධිකරණය විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

රන්ජන් රාමනායකට සිරදඬුවම් නියම වී ලබන අප්‍රේල් මස 12 වනදාට මාස තුනක්. රීට් පෙත්සමට අදාළ නියෝගය පසුගිය 31 දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත්, නියෝගය පිළියෙළ කර නොමැති බැවින් එය අද දිනය දක්වා කල් තැබීමටයි අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරෙයා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ. සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මෙම රිට් පෙත්සම ගොනු කර තිබෙනවා.

(Neth)