Thursday, January 01, 2026
Follow Us
නලින් බණ්ඩාර අද CID යට

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබෙනවා. ඒ, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකරන ලද පැමිණිල්ලට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ අදාල පැමිණිල්ල සිදු කර තිබුණේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම් සහ තමන් අතර සම්බන්ධයක් පැවති බවට කරුණු දක්වමින් ඉකුත් 17 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. එම කරුණු අසත්‍ය බවත් තමන් කිසිදිනෙක සහරාන් හෂීම් හමුවී නොමැති බවත් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉකුත් දා ප්‍රකාශ කළේ.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් සිදුකරන ලද පැමිණිල්ල සහ අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ෂණය කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ද පත් කරනු ලැබුවා.

(NEth)