පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) අරලියගහ මන්දිරයේදී පැවැත්වී ඇති බව වාර්තා වේ.
ශ්‍රීලනිපයේ ඉල්ලීම පරිදි මෙම සාකච්ඡාව පැවැත්වී ඇති අතර ඊට එම පක්ෂය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් සහභාගී වී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මීට සහභාගී වී ඇත්තේ බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී. එල්. පීරිස් සහ සාගර කාරියවසම් යන මහත්වරුන් ය.
සාකච්ඡාවේදී පැමිණි එකඟතාවන් පිළිබඳ දැනට තොරතුරු වාර්තා වී නැත. පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධ අවසන් කැබිනට් තීන්දුව ලබන සතියේදී ගැනීමට නියමිතව පවතී.
(LNW)