Thursday, January 01, 2026
Follow Us
ආණ්ඩුව නිසි මගට ගැනීමට ආණ්ඩුව තුළම සිටිමින් දැවැන්ත අරගලයක් – උදය ගම්මන්පිල

අවිස්සාවේල්ලේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේ ආණ්ඩුව රැක ගැනීම සඳහා වන දැවැන්ත අරගලයක ආණ්ඩුව තුළම සිටිමින් යෙදී සිටින බවයි.

20 සංශෝධනය තිබූ සමහර කරුණු ජනවරමට පටහැනි බවත් ජනවරම සුරකින්නේ නම් විසිවෙනි සංශෝධනය ඒ ආකාරයෙන් ඉදිරිපත් වීමට නොහැකි බවත් පෙන්වා දුන්
ඇමැතිවරයා ජනවරම සුරකින්නේ නම් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම සඳහා වන සංකල්පයක් වත් පහළ විය නොහැකි බව ද ප්‍රකාශ කළේය.

69 ලක්‍ෂයක ජනවරම රැක ගැනීමටත් ඒ විශ්වාසය ඉදිරියටත් පවත්වාගෙන යාමටත් එම අරගලය සිදුකරන බවද ඇමතිවරයා පැවසීය.

(Lanka Leads)