කොළඹ වරාය නගරයට අදාළ නීති සම්බන්ධයෙන් දැනට ප්‍රසිද්ධියට පත්ව ඇති කෙටුම්පත අනුව සන්ධීය ක්‍රමයත් එක්මවා ගිය කොන්ෆෙඩරල් තත්වයක් එයින් ඇති කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.
"කොළඹ වරාය නගරය සම්බන්ධ දැනට ඉදිරිපත්ව ඇති ලියවිල්ල බලපුවාම පෙනෙන දෙයක් තමයි අර ඇමරිකා එක්සත් ජනපදයයි පුවෝටෝරිකාවයි අතර තියෙනවා වගේ පද්ධති දෙකක් වෙනම පවත්වා ගැනීමක්. ඒකීය භාවය ගැන පපුවට ගහගෙන කතා කරපු අය සන්ධීය ක්‍රමයත් ඉක්මවා ගිය කොන්ෆෙඩරල් තත්වයක් මේ තුළින් ඇති කරලා තියෙන බව තමයි මගෙ හැඟීම.
බදු සහන ලබාදෙනවා නම් මෙහි එන ඒවාට ඒකට ලංකාවෙ ඕන තරම් අණපනත් තියෙනවා. දැන් මේ කරන්න හදන්නෙ මේ රට ඇතුළෙම වෙනම රටක් හදන එක. ඒ කියන්නෙ අපෙ රට කොල්ලකාගෙන ගෙනිච්ච සල්ලි සීෂෙල්ස් වල වර්ජින් අයිලන්ඩ්ස් වල හංගපු කට්ටියට දැන් ඒවා මේ වරාය නගරයේ හංගන්න පුළුවන් වෙන තත්වයකුත් මේකෙ තියෙනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විදේශවල කළු සල්ලි මෙහෙ ගෙනඒමේ වෑයමක් වෙන්නත් පුළුවන්.
මේක අධිකරණය තීරණය කරන්න ඕනෙ ව්‍යවස්ථාවෙ 76 වෙනි වගන්තියෙන් පාර්ලිමේන්තුවට පවරලා තියෙන නීති තැනීමේ බලය මෙම ගැසට් නිවේදනය මගින් උල්ලංඝනය වෙනවාද කියන එක" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති නීති කෙටුම්පත ගැන ඊයේ (30) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)