Thursday, January 01, 2026
Follow Us
ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමයි බලාපොරොත්තුව – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම තම අපේක්ෂාව බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (30) මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“පාර්ලිමේන්තු මැතිවරණයේදී අභියෝගය මැද නොයෙකුත් විවේචන විඳගනිමින් අපේ පක්ෂයේ ඡන්දයෙන් පත්වුණු 13දෙනා පාර්ලිමේන්තුවට ලේසියෙන් ගියේ නැහැ. අපේ බලාපොරොත්තුව නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා එකතුවෙන්න කියල ජනතාවට ආරාධනා කරනවා.”

(Lanka Leads)