හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සිහිපත් කර සිටියේ; අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ සදහා ඉදිරිපත් වීමේ අවස්ථාව වළක්වන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ පක්ෂ වෙත පොරොන්දු වූ බවයි
ද්විත්ව පුරවැසියන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඉතා පැහැදිලි බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා ද පවසා සිටියේ ය.
ද්විත්ව පුරවැසියන්ට කිසිදු මැතිවරණයකට තරඟ වැදීමට අවස්ථාව ලබා නොදිය යුතු බව පවසන අමාත්‍යවරයා, ද්විත්ව පුරවැසියෙකු මහජන නියෝජිතයෙකු ලෙස රටට සේවය කිරීමට අදහස් කරන්නේ නම් පළමුව ඔහු ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය අවලංගු කොට ලාංකීය පුරවැසියෙකු විය යුතු බවට යෝජනා කර සිටියේය.
(Lanka Leads)